author
Written by:

Team Lihini

3 min read

2/19/2021


තාක්ෂණය සහ කෘෂිකර්මාන්තය

author

2/19/2021

|

3 min read


science and tech

"කෘෂිකර්මාන්තය සදහා යොදා ගත හැකි නව තාක්ෂණ ක්‍රමවේදයන් මෙහි දැක්වේ."

" එක්සත් ජාතීන්ගේ ලොක ජනගහන අපේක්ෂා 2019 වාර්තවට අනුව ලෝක ජනගහනය වර්තමනයේ සිටින බිලියන 7.8 සිට 2050 වන විට බිලියන 9.7 ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ."

ලෝක ජනගහනය වර්ධනය වීමේ අතුරු ඵලයක් ලෙස ආහාර සදහා වන ගෝලීය ඉල්ලුම වර්ධනය වීම දැක්විය හැක. ලෝකය ආහාර සපයාගන්නා ප්‍රධානතම ක්‍රමවේදය වන්නේ කෘෂිකර්මන්තයයි. කෘෂිකර්මන්තය යනු භෝග වගා කිරිමෙන්, සත්ව පාලනයෙන් හා වෙනත් ජිව ක්‍රමවලින් ද්‍රව්‍යය නිපදවීමයි. එදා ගංගා නිම්න ශිෂ්ටචාරයත් සමග බිහිවුණු අපේ දේශිය කෘෂිකර්මය අද වන විට තාක්ෂණය හා මුසු වී වෙනස්කම් රැසකට ලක්ව ඇත.

ක්ෂුද්‍ර උපාංගවල සිට විශාල පරිගණක ජාල දක්වා වු තාක්ෂණයේ නව දියුණුව කෘෂිකර්මාන්තය හා එක්ව එයට නව මුහුණුවරක් ලබා දෙමින් සිටියි. අතීතයේ තාක්ෂණය පදනම් කොට ගෙන වගාවන්ට ජලය ලබාගැනිම සදහා මහා වැව් ඉදි කරන ලදි. කදුකර බිම්වල වගාවන් සදහා හෙල්මලු ක්‍රමයට භූමිය සකස් කරන ලදි. වගාවට හානිකරන කෘමි සතුන් පලවාහැරීම සදහා ස්වාභාවික ක්‍රමවෙදයන් යොදාගන්නා ලදි. වර්තමානය වන විට එම තාක්ෂණය වර්ධනය වී කෘෂිකර්මන්තය නවමු මගකට යොමු කර තිබේ.

අද වන විට කෘෂිකර්මන්තය සදහා යොදා ගතහැකි තක්ෂණික ක්‍රමවේදයන් බොහොමයක් ඇත. ඉන් එක් ක්‍රමයක් ලෙස ඉන්ටර්නෙට් ඕෆ් තිංග්ස් (IOT) හැදින්විය හැක. එනම් වර්තමානයේදී සුහුරු ජංගම දුරකතන, පරිගණක සහා සුහුරු ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි භෞතික උපාංග බිලියන ගණනාවක් ලොව පුරා අන්තර්ජලයට සම්බන්ධ වී දත්ත රැස් කිරීම හා බෙදාගැනීම සිදු කරනු ලබයි. මෙම උපාංග ජාලයට සන්වේදක ඇතුලත් කිරීම මගින් යම් මට්ටමක ඩිජිටල් බුද්ධියක් එක්වනු ඇති අතර එමගින් කිසිදු මිනිස් මැදිහත්විමකින් තොරව එම උපාංග අතර තත් කාලීනව දත්ත සන්නිවේදනය කිරීමට හැක. මෙම තාක්ෂණය මගින් කෘෂිකර්මාන්තයේදී සැලකිය යුතු කරුණු වන උෂ්ණත්වය , තෙතමනය , කාළගුණික තත්ත්ව, ජල භාවිතය සහා වෙනත් ක්ෂේත්‍ර තත්ත්ව පිළිබද විශාල පරාසයක දත්ත තත්කාලීනව විශ්ලේෂණය කළ හැකි වේ.

තවද තක්ෂණික දියුණුවත් සමග, ඩ්‍රොන සහ ස්වයංක්‍රීය රොබෝ තාක්ෂණයද ගොවිතැන් කටයුතු සදහා යොදාගත හැක. පාංශු හා වගා ක්ෂේත්‍ර විශ්ලේෂණය , රෝපණ කටයුතු , භෝග සදහා විවිධ යෙදවුම් ඉසීම, භෝග තත්ත්ව අධීක්ෂණය හා විශ්ලේෂණය ,ජල සම්පාදනය සහ භෝග වල සෞමය තත්වය තක්සේරු කිරිම ආදී කටයුතු සදහා භෝග තාක්ෂණය භාවිතා කළ හැක. තවද කෘෂිකර්මන්තයේදි බිම් සැකසිම , මල් වර්ධනය ,කප්පාදු කිරිම,බීජ පැළ කිරීම අදී කටයුතු සදහා රොබෝ තක්ෂණය යොදා ගත හැක. කෘෂිකර්මාන්තයේදී මෙවැනි දියුණු රොබෝවරුන් යොදාගැනිම මගින් ශ්‍රම පරිභෝජනය අඩු කර එමගින් නිශ්පාදන පිරිවැයද අඩු කර ගත හැක.

තාක්ෂණය සහා කෘෂිකර්මන්තය යනු සැමවිටම අන්‍යෝන්‍ය වශයෙන් බැදී පවතින ක්‍රියාවලියකි. කෘෂිකර්මන්තයේ දියුණුව සදහා සැමවිටම තාක්ෂණය අත්‍යවශ්‍ය වේ.

Contributed by: Rebeka Mendis

Read More Articles

card-img

Team Lihini

space and science

Friday, February 19, 2021