author
Written by:

Team Lihini

3 min read

12/21/2020


බීටල්ජූස් යෝධයා පිපිරී ගියහොත් පෘථිවියට බලපෑම් සිදුවේවිද???

author

12/21/2020

|

3 min read


space and science

"ඔරායන් තාරකා මණ්ඩලයේ දෙවන දීප්තිමත් තාරකාව වන බීටල්ජූස්, පුපුරා යාමට ආසන්න බවකට පෙර සේයාවක්දැයි සැක පහල වුණා."

රාත්‍රී අහසේ දිස්වෙන රතු යෝධ තාරකාවක්‌ වන බීටල්ජූස්‌ අපට දකින්න ලැබෙන්නේ ඔරායන්‌ තාරකා මණ්ඩලය ආශ්‍රිතවයි. මෙම තාරකාව රාත්‍රී අහසේ ඇති දීප්තිමත්ම තාරකාවක්‌ වන අතර එය දීප්තිය අනුව දහවන ස්ථානයෙහි පවතින්නේ. ඒ වගේම ඔරායන්‌ රාශියේ දෙවනියට දීප්තිමත්ම තාරකාව වන්නෙත්‌ මේ බීටල්ජූස්‌ නැමැති තාරකාවයි. එය පිහිටා ඇත්තේ ඔරායන්‌ හෙවත්‌ දඩයක්කරැගේ වම්‌ උරහිස මතයි.


බීටල්ජූස් තාරකාව ඔරායන් තාරකා මණ්ඩලයේ පිහිටා ඇති ආකාරය.(https://www.forbes.com/sites/startswithabang/2019/12/25/is-betelgeuse-about-to-explode/?sh=4bc64e0147bf)

වසර මිලියන දහයකට වඩා පැරණි මෙම තාරකාව, අපේ සූර්යයාට වඩා 700 ගුණයක සිට 1000 ගුණයක්‌ දක්වා විශාලත්වයෙන්‌ යුක්තයි. එම විශාලත්ව කෙතරම්ද යත්‌ මෙම තරැව අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා වෙනුවට ආදේශ කළහොත්‌ එය ග්‍රාහක තීරයට ලගා වී බ්‍රහස්පතිගේ කක්ෂය දක්වා විහිදේ.


බීටල්ජූස් සහ සූර්‍යාගේ ප්‍රමාණය සංසන්දනය කිරීම : source www.rasc-vancouver.com

මම විශාල ස්කන්ධය නිසා බීටල්ජූස්‌ තාරකාව වේගයෙන්‌ පරිණාමය වී ඇති අතර අවසානයේ එය සුප(ර්)නෝවා පිපිරැමකින්‌ අවසන්‌ වනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙයට හේතුව තාරකාවක්‌ වයසට යත්ම එය ඉක්මනින්‌ එහි ඇති හයිඩ්‍රජන් ඉන්ධන දහනය කර හීලියම්‌ සහ අනෙකුත්‌ මූලද්‍රව්‍ය ලෙස පරවරිතනය වීමයි. මෙලෙස ක්‍රමයෙන්‌ එහි හරය යකඩ වැනි ඉතා බර මූලද්‍රව්‍ය වලින්‌ යුක්ත වන තෙක්‌ විලයන ක්‍රියාවලිය සිදු වේ. ඉතා විශාල ස්කන්ධ සහිත තාරකාවල මෙම ක්‍රියාවලිය වේගවත්‌ අතර එම නිසාම එවැනි තාරකා ඔවුන්ගේ අවසානයට ඉතා ඉක්මනින්‌ ලගා වේ.

මෙවැනි යෝධ තාරකා නිතරම දීප්තියේ වෙනස්කම්‌ වලට භාජනය වන නමුත්‌ 2019 හි ඔක්තෝබරි සිට 2020 අප්‍රේල්‌ දක්වා කාලය තුළ එහි දීප්තියේ අසාමාන්‍යය වෙනස්කම්‌ විද්‍යාඥායින්ට දකින්න ලැබුණා. එම නිසාම මෑත කාලයේ තාරකා විද්‍යාවේ බෙහෙවින්ම කථා බහට ලක්වුන මාතෘකාවක්‌ තමයි මේ බීටල්ජූස්‌ නැමැති තාරකාව.

නාසා හි හබල්‌ අභ්‍යවකාශ දුරේක්ෂය මගින්‌ කරන ලද නිරීක්ෂණවලින්‌ පෙනී ගියේ මෙම සුපිරි යෝධයා අනපේක්ෂිත ලෙස අඳුරැ වීමට බොහෝ දුරට හේතු වී ඇත්තේ අතිවිශාල උණුසුම්‌ ද්‍රව්‍ය ප්‍රමාණයක්‌ අභ්‍යාවකාශයට පිටවීම නිසා හට ගත්‌ දූවිලි වලාකුළක්‌ බීටල්ජූස්‌ මතුපිටින්‌ ගමන්‌ කිරීමෙන්‌ එහි එළිය අවහිර වීම නිසා බවයි.

කෙසේ නමුත්‌ මෙම යෝධ රතු තාරකාව සිය ජීවිතයේ අවසානය කරා ළගා වෙමින්‌ පවතින බව නම්‌ නිසැකය. නමුත්‌ මෙම යෝධයා පුපුරා යන්නේ කවදාදැයි නිශ්චිතවම නොදනී. එය වසර සිය දහස්‌ ගණනක්‌ හෝ වසර මිලියනයක්‌ තරම්‌ කාලයක්‌ විය හැකිය. මෙවැනිම තාරකා පිපිරැමක්‌ ටයිකෝ බ්‍රාහේ නැමැත්තා විසින්‌ 1572 දී දුටු අතර, එම අසිරිමත්‌ සිදු වීම දැකීමෙන්‌ පසු ඔහු තාරකා විද්‍යාවට නැඹුරැ වූ බවද සදහන්‌ වෙනවා.

කෙසේ වෙතත්‌ මෙම යෝධයා පිපිරී ගියහොත්‌ එය ඉතා දර්ශනීය දසුනක්‌ වනු ඇත. ඉන්‌ පෘතුවියට අභිතකර බලපෑම් සිදු නොවුනද, එහි අධික දීප්තිය රාත්‍රී කාලයේ පමණක්‌ නොව දිවා කාලයේද අහස ඒකාලෝක කරලීමට සමත්වනු ඇත. මෙම දීප්තිය මාස 3ක් පුරා පවතින බවත් එය අඩ සඳක් මෙන් ඒකාලෝක බවත් විද්වතුන්ගේ මතයයි. එසේම එය සඳ මෙන් නව ගුණයක් කුඩා යැයිද පැවසෙනවා. එය තාරකා විද්‍යාවේ නියැලෙන්නන්‌ හට සුවිශේෂවූ සිදු වීමක්‌ වනු නම් නොවනුමානයි.

යොමුව https://www.forbes.com/sites/startswithabang/2019/12/25/is-betelgeuse-about-to-explode/?sh=4bc64e0147bf https://rasc-vancouver.com/2020/02/28/betelgeuse-is-big-and-variable/

Contributed by: Krishni Perera

Read More Articles

card-img

Team Lihini

science and tech

Sunday, January 3, 2021

card-img

Team Lihini

science and tech

Friday, February 19, 2021