"හරි හැටි පාසල් අධ්‍යාපනයක් නොලත් කොග්ගල ප්‍රාඥයා ඉහලම බුද්ධි තලය දක්වා වර්ධනය වූයේ පොතින් පතින් හා ජීවිත තක්ෂලාවෙන් ලද දැනුමෙනි. " උපන්දා සිට" කෘතිය එය ගැන ලියවුනකි."
කොග්ගල ප්‍රාඥයා හෙවත් සිංහල යථාර්තවාදී නවකථාවේ පුරෝගාමියා,මාර්ටින් වික්‍රමසිංහ මහතා 1890 මැයි මස 29 වන දින උපත ලැබූ අතර පියා කොග්ගල, මලලගම ළමා හේවගේ දොන් බස්තියන් වික්‍රමසිංහත් මව මාගොල්ල බලපිටියේ ලියනගේ නොච්චිහාමි වූවා ය.
1895 දී අන්දිරිස් ගුරුන්නාන්සේගෙන් ඉගෙනීම ආරම්භ කල මොහු 1897 දී ගමේ පාසලට ඇතුලත් වූ අතර අනතුරුව 1900 දී ගාල්ලේ බොනවිස්ටා පාසලට ඇතුලත් විය.පියාගේ අභාවයත් සමග ඇති වූ ආර්ථික අපහසුකම් වැඩි වීම හේතුවෙන් 1902 වන විට පාසලෙන් අස්වී කොග්ගල වීරානන්ද හිමියන් වෙතින් සිංහල හා පාලි සංස්කෘත ඉගෙනගත් අතර එතුමාගේ පළමු ග්‍රන්ථය "බාලෝපදේශය" මෙම කාලය තුල දී පළ කෙරිණි.1904 දී නැවත අහංගම සිංහල පාසලට ඇතුලත් වූ මොහු 1906 දී නැවතත් පාසලෙන් ඉවත්වී කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ ලියන්නෙකු ලෙස සේවය කලේ ය. ලක්මිණ, දිනමිණ හා සිළුමිණ පුවත්පත් වල කර්තෘ තනතුර හෙබ වූ මොහු 1914 දී "ලීලා" නැමති නවකතාව ලියා ලේඛකයෙක් බවට පත්විය.
නවකතා කරුවකු ලෙස වඩාත් ප්‍රකට වූ වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය සේවාව නවකතා, කෙටි කතා, විද්‍යාත්මක කතා, සතුන් පිළිබඳ අධ්‍යාපනය, විචාරය ආදී විවිධ තලයන් ඔස්සේ විහිදී යයි. 1944 දී පල වූ මෙතුමා ගේ "ගම්පෙරළිය" නව කතාව තුළින් මෙරට එතෙක් තිබූ නවකතා සාහිත්‍යය වෙනස් මගකට යොමු කිරීම හේතුවෙන් සිංහල නවකතා ඉතිහාසයේ වැදගත්ම ලේඛකයා ලෙස මාර්ටින් වික්‍රමසිංහ මහතා හැඳින්වේ.
නව කතාවක අඩංගු විය යුතු කලාත්මක අංගයන්ද, සාර්ථක චරිත නිරූපනයන්ද, පුළුල් සමාජ දෘෂ්ටියක් සහ යථාර්තවාදී රීතියක්ද ගම්පෙරළිය නවකතාව තුළ දක්නට ලැබුණි. ඉන්පසුව තුන් ඈදුතු නවකතාව සම්පූර්ණ කරමින් "යුගාන්තය" සහ "කලියුගය" බිහි විය.
අදටත් සිංහල සාහිත්‍යයේ විශිෂ්ට නවකථාවක් ලෙස සැලකෙන 1956 දී වික්‍රමසිංහයන් විසින් පළ කරන ලද "විරාගය" නවකතාව රසිකයන්ගේත් විචාරකයන්ගේත් ප්‍රශංසාවට පාත්‍ර විය. මෙතුමා "සාහිත්‍ය චක්‍රවර්තී" සම්මානය හා " ජනාධිපති සාහිත්‍ය සම්මානය" හිමි කරගත් අතර බ්‍රිතාන්‍ය 0.B.E සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය.
සැබැවින්ම හරි හැටි පාසල් අධ්‍යාපනයක් නොලත් වික්‍රමසිංහ මහතා ඉහලම බුද්ධි තලය දක්වා වර්ධනය වූයේ පොතින් පතින් හා ජීවිත තක්ෂලාවෙන් අහුලා ගත් දැනුමෙනි. තම " උපන්දා සිට" කෘතියෙහි එතුමා තම අධ්‍යාපනය පිළිබඳ සටහන් කොට ඇත්තේ මෙලෙසිනි.
"මගේ කය වැඩුනේ අනෙක් සිංහල ගැමියෙකුගේ කය වැඩුනාක් මෙනි. සිත වැඩුන්නේ වෙනස් විදියකිනි. උසස් විදුහලකින් හෝ පඬිවරයෙකුගෙන් හෝ පිළිවෙලින් උගැන්මක් නොලත් මා දැනුම ලැබුයේ අත්දැකීමෙන් හා ආසාවෙන් පොත් කියවීමෙනි."
මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පසු කාලීන නිර්මාණ වලට ඔහුගේ උපන් ගම වූ කොග්ගල විසූ ජනයාගේ සිතුම් පැතුම් ජීවන තත්වය හා සංස්කෘතික ලක්ෂණ බලපා ඇති බව ඔහු ගේ පොත පත කියවීමෙන් මනාවට පැහැදිලි වේ.
මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් ළමා කෘති හතරක්ද, ජීව විද්‍යා කෘති හයක්ද, අතිරේර්ක කියවීම් පොත් හතරක්ද, නවකතා දාහතරක්ද, කෙටි කතා එකොළහක්ද, නාට්‍ය හතරක්ද," තේරී ගී" නමින් පද්‍ය කාව්‍යයක්ද, විචාර ග්‍රන්ථ විසි තුනක්ද, ආදී වශයෙන් ග්‍රන්ථ රාශියක් මෙරට සාහිත්‍යය පෝෂණය කිරීමෙහිලා දායාද කර තිබේ. එතුමන් විසින් රචිත කෘති අතරින් සමහරක් පහත දැක්වේ.
ලීලා - 1914, සෝමා – 1920, අයිරාංගනී - 1923, සීතා - 1923, මිරිඟු දිය - 1925, උන්මාද චිත්‍රා - 1929, රෝහිණී - 1929, ගම්පෙරළිය -1944, මඩොල් දූව - 1947, යුගාන්තය - 1949, විරාගය - 1956, කලියුගය - 1957, කරුවල ගෙදර- 1963, බවතරණය - 1973.
ගැහැනියක්, බිල්ල සහ අපූරු මුහුණ, මගේ කථාව, මගුල් ගෙදර, හද සාක්කි කීම, වහල්ලු, පව්කාරයාට ගල් ගැසීම, අපේ විත්ති, කතා අහුර.
කළුනික සෙවීම, අපේගම, උපන් දා සිට.
මෙසේ එදා මෙදා තුර ශ්‍රී ලාංකික සාහිත්‍යයේ පෝෂණයට අනුපමේය මෙහෙයක් කල මාර්ටින් වික්‍රමසිංහ මහතා 1976 ජූලි මස තම ජීවන රඟ මඩලින් සමු ගත්තේ ශ්‍රී ලාංකික සාහිත්‍යයේ අමරණීය නාමයක් ඉතිරි කරමිනි.