author
Written by:

Krishni Perera

3 min read

1/3/2021


ඇලෙක්සැන්ඩ්‍රියාවේ හයිපේෂියා

author

1/3/2021

|

3 min read


science and tech

"ක්‍රිස්තු වර්ෂ 350 ත් 370 ත් අතර කාලයකදී ඇලෙක්සැන්ඩ්‍රියාවේදී උපත ලද දාර්ශනිකයෙක් වූ හයිපේෂියා එවකට විසූ සුප්‍රකට ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයකු බවද සැලකේ. එමෙන්ම එකළ ඇය වඩාත්ම ප්‍රචලිත වූයේ ඇය සතුවූ ඉතා දක්ය ඉගැන්වීම් කුසලතාවය නිසා බවද සැළකේ."

හෙලටික් නියෝලෝනයවාදී දාර්ශනිකයෙක් වූ හයිපේෂියා උපත ලද්දේ ක්‍රිස්තු වර්ෂ 350 ත් 370 ත් අතර කාලයකදී ඇලෙක්සැන්ඩ්‍රියාවේදී ය. හයිපේෂියාගේ පියාණන් වූයේ එවකට ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසූ තියොන් නැමැති දාර්ශනිකයෙකයා ය. හයිපේෂියා එවකට එහි විසූ ගණිතඥවරියෙකු සහ තාරකා විද්‍යාඥවරියෙකු බව සැලකේ. ඇය එවකට ඇලෙක්සැන්ඩ්‍රියාවේ නියෝලොරෝනික් පාසලේ තාරකා විද්‍යාව සහ ගණිතය වැනි විෂයන් උගන්වන ලද අතර තාරකා විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් සටන් කර ඇත. එවකට සමාජයේ විශ්වාසය වූ පෘතුවි කේන්ද්‍ර වාදයට නොබියව විරුද්ධ වූ ඇය අපගේ ග්‍රහමණ්ඩලයේ කේන්ද්‍රය පෘතුවිය නොවන වගත් එහි කේන්ද්‍රය සූර්‍යා බවත් ඇය මත පල කළාය. එමෙන්ම එහි ගමන් මග ඉලිප්සාකාර විය හැකි බවට ද, විශ්වාසයක් ඇය සතු විය. පසු කාලීනව ඉන් වසර 1000 කට පමණ පසු නිකොලස් කොපර්නිකස් සහ කෙල(ර්) එය සනාථ කළ අතර දැනට පිළිගන්නා මතය වන්නේද මෙම සූර්‍යා කේන්ද්‍රික වාදයයි. එසේම මින් පෙර සිටම සොයා තිබුනා වූ තරු මාලිමාව (Astrolabe) නැමැති උපකරණය සහ තවත් උපකරණ රැසක් ඇය විසින් නිපදවා තිබුණු අතර එම උපකරණ තම සිසුන්ට ඉගැන්වීම සදහා ඇය භාවිතා කර ඇත.


හයිපේෂියා (britannica.com)

හයිපේෂියාගේ ඉගැන්වීම් එකළ ඉතා ප්‍රචලිත වූ අතර රෝමයේ නන් දෙසින් සිසුන් ඈ වෙත ඇදී ආ බව සදහන් වේ. හයිපේෂියාගේ ඉතා වැදගත්ම ඉගැන්වීම් ලෙස සදහන් වන්නේ වීජ ගණිතයයි. එසේම ඇය ජලය ආසවනය කිරීම සදහා උපකරණයක්ද නිපදවූ බව සදහන් වේ.

ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ මහා පුස්ථකාලය පුරාණ ලෝකයේ තිබූ විශාලතම සහා වඩාත් වැදගත්ම පුස්ථකාල වලින් එකක් ලෙස සැලකේ. එවකට එම පුස්ථකාලය සතු වූ වටිනාකම මෙතෙකැයි කිව නොහැක. එහි පාලනය සතු වූයේ හයිපේශියාගේ පියාණන් වූ තියොන්ටය. එම කාලයේ විද්‍යාවට නොයෙකුත් භාධක පැමිණි අතර නව විද්‍යාත්මක අදහස් පළ කරන්නන් හට ඉතා දුෂ්කර කාළයක් එකළ පැවතිණි. නොයෙකුත් ආගමික මත දැරූ පටු අදහස් සහිත පුද්ගලයන් මෙලෙස නව අදහස් පමුණුවන්නන් හට අනේක විධ හිරි හැර පමුණුවන ලදි. එය හයිපේෂියාටද එලෙසම විය. එම නිසා මෙම පුස්ථකාලය සතුවූ වටිනා ලිපි ලේඛණ ද ඇතුළුව පුස්ථකාලය විනාශ කරන ලදි.


ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ මහා පුස්ථකාලයේ සිතුවමක්.

එවක විසූ මිත්‍යා ලබ්ධිකයින් විසින් විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් කැප වන්නන් සැළකුවේ මිත්‍යා මතධාරීන් ලෙසය. ඒ අනුව තවදුරටත් හයිපේශියාගේ ඉගැන්වීම් සහ නව සොයාගැනීම් නොරිස්සු ඔවුන් ඇයට නිරන්තරයෙන් බලපෑම් කළහ. ඒ වහාම ඔවුන්ගේ ආගම වැලද එම දෙවියන් වහන්සේ අදහන ලෙසයි. නමුත් ඉන් නොසැලුන ඇය ඇයගේ ඉගැන්වීම් වල දිගින් දිගටම යෙදුනාය. එය තව දුරටත් නොයිවසු මිත්‍ය ලබ්ධිකයින් 415 වර්ෂයේ දී පමණ ඇයව ඝාතනය කරන ලදි. පසු කාලීනව ඇය කළ මෙහෙයට ගෞරව වශයෙන් සදෙහි භූ ලක්ෂණ කීපයක් ඇයගේ නමින් නම් කරන ලදි.


Read More Articles

card-img

Team Lihini

science and tech

Sunday, January 3, 2021