author
Written by:

Team Lihini

3 min read

1/12/2021


රජෙකු නොමැති මී මැසි නිවස

author

1/12/2021

|

3 min read


animals

"රැජිනකට අවුරුදු 5ක් පමණ ජීවත් විය හැකියි. එහෙත් නොසිතු ලෙස රැජින මිය ගියොත් කුමක් සිදුවේද? "

මී මැස්සන් ජීවත් වනුයේ ඔවුන් විසින්ම සංවිධානාත්මකව ගොඩනගා ගන්නා මී වදයක් තුලයි. මේ මී වදය ගොඩනෙගන්නේ ගොඩක් සංවිධානාත්මක විදියටයි. සැබවින්ම මෙය සත්ව ලෝකයේ විශිෂ්ට නිර්මාණයකි. මෙහි මැස්සන 60000 ක් පමණ ජීවත් වෙනවා.මී වදයේ ආකෘතිය සැදීමට ඔවුන් ඔවුන්ගේ උදරයේ පහල කොටසින් පිටවන ද්‍රව්‍යක් ඔවුන් යොදාගන්නවා.. එය ඔවුන්ගේ මුඛය ආධාරයෙන් මී වදය සැකසීමට සුදුසු වන ආකාරයට සකසා ගනී. මේ නිවහන තුල රැජිනක්, අනෙකුත් මැස්සියන් සහ මැස්සන් සැවොම ජීවත් වෙනවා. මේ එකෙනෙකාට පැවරුන විශේෂ වගකීම් තියනවා. රැජින තම වර්ගයා බිහි කරයි. ඊට අමතරව රැජින අනෙකුත් මැස්සන් පාලනය කිරීමද සිදුකරයි. ඒ සදහා රැජින විසින් රසායනික ද්‍රව්‍යක් නිපදවයි. අනෙකුත් මැස්සියන් ආහාර සැපයීම, මී වදය සැකසීම, ආරක්ෂා කරගැනීම සහ පිරිසිදු කිරීම සිදුකරනවා. මැස්සියන් ආහාර සොයාගැනීමට මල් සොයා යනවා. ඒ නිසා වැඩකාර මැස්සියන් අපට එළිමහනේ දැකගන්න පුළුවන්. තවත් විශේෂත්වයක් වන්නේ මේ අය එකිනෙකා එක්ව ආහාර සොයාගැනීමට විවිධ සන්නිවේධන ක්‍රම භාවිතා කිරීම. ආහාරයක් හමු වූ විට නර්තනයකින් මේක අනිත් මැස්සියන්ට ඇගවීමට මැස්සියන් පුරුදුව සිටිනවා. මෙයින් ඔවුන්ගේ සංවිධානාත්මක හැකියාව මනාව කියාපානවා. මැස්සන්ගේ එකම කාර්ය වනුයේ වර්ගයා බෝ කිරීමට සහය දැක්වීම. ඔවුන් වර්ගයා බෝ කිරීමේ කාර්යට සහය දැක්වූ පසු මරණයට පත්වෙනවා. ඒ වගේම එකම වදයේ මැස්සන් සමග රැජින වර්ගයා බෝ කිරීම සදහා එක් නොවීමද විශේෂත්වයක්. ඒ වෙනුවට ඇය වෙනත් මැස්සන් අවටින් සොයා යනවා.

සාමාන්‍ය වැඩකරන මැස්සියකට සති 4 - සති 6 ක් කාලයක් ජීවත් වෙන්න පුළුවන්. මෙම කාලය තුල ඔවුන් තේ හැදි 0.083 පමණ පැණි නිපදවනවා. එහෙත් රැජිනකට අවුරුදු 5ක් පමණ ආයු කාලයක් තියනවා. එහෙත් නොසිතු ලෙස රැජින මිය ගියොත් කුමක් සිදුවේද? මොවුන් සාමාන්යෙන් පැටවුන්ට(කීටයින් ) දින තුනක් යනතෙක් වැඩකාර මැස්සියන් විසින් සැකසු ජෙලි විශේෂයක් ලබාදෙනවා. මෙය සියලු කීටයන් හට ලබා දීම සිදු කරනවා. මෙම ජෙලි වැඩිහිටි රැජිනටද ලබා දෙනවා. දින තුනකට පසුව කීටයන් හට පැණි හෝ පරාග ලබා දෙනවා. මෙහිදී රැජින මියගොස් ඇත්නම් නව රැජිනක් ඔවුන් පත් කර ගන්නවා. එම පත්කරගැනීමට තෝරාගනුලබන කීටයෙකු හට දිගටම මෙම ජෙලි ලබාදීම සිදුකරනවා. මෙලෙස ඔවුන් නව රැජිනක් පත් කර ගන්නවා ඔවුන්ගේ නායකත්වයට.


රොන් එකතු කරන මීමැස්සෙක්

ඔවුන් සීත කාලයේදී, රැජිනව සීතලෙන් ආරක්ෂා කරගැනීමට ඇයව වටකරගෙන උණුසුම සපයයි. එම වටයේ පිටත සිටින මැස්සන් සීතෙන් ආරක්ෂා කරගැනීමට ඔවුන් මාරුවෙන් මාරුවට එම වටයේ ඇතුල සහ පිටත සිටිමින් රජිනව ආරක්ෂා කරමින් ඔවුන් එකිනෙකාද ආරක්ෂා වෙන්නත් වග බලා ගන්නවා. සත්ව ලෝකය කෙතරම් සාමකමීද?

වැදගත්ම දෙය නම් මොවුන් සන්නිවේදනය කරන විදිය. මොවුන් සන්නිවේදනය සිදු කිරීම සදහා ෆෙරමෝන ලෙස හදුන්වන රසායනික ද්‍රව්‍යක් ශරීරයෙන් නිදහස් කරනවා. එය අනෙක් මැස්සන්ගේ මානසික හෝ හැසිරීමේ වෙනස්කම් සිදුකිරීමට සමත් වෙනවා. මේ රසායනික පණිවුඩ අනෙකුත් මැස්සන්ගේ ශරීරයට දැනෙන බවද කියනවා. විවධ අවස්ථාවලදි විවිධ ෆෙරමොන නිදහස් කිරීම සිදුකරනවා. ඉතින් ඒ ඒ ෆෙරමෝන වර්ගය අනුව පණිවිඩය ද වෙනස් වෙනවා.

Contributed by: empty

Read More Articles

card-img

Team Lihini

history

Sunday, January 10, 2021

card-img

Team Lihini

history

Sunday, January 10, 2021